උදේ නැගිට්ට ගමන් මතක් වෙන කෙනෙක් ඉන්නවද?ඇස් දෙක පියා ගත්තම මැවිලා පේන කෙනෙක් ඉන්නවද?සතුටෙදි දුකේදී තමන් ළඟින් හිටියා නම් කියලා හිතෙන කෙනෙක් ඉන්නවද?ප්‍රශ්නෙකදි ඉබේම ඩයල් වෙන අංකයක් තියෙනවද? විශ්වාස කරපන් එහෙනම් උඹත් ආදරේ කරනවා….
හැබැයි උඹ ආදරේ කරන කෙනාට ඔය විදිහටම උඹවත් මතක් වෙනවද කියලා ටිකක් කල්පනා කරලා බලපන්.එහෙම උඹවත් මතක් වෙනවා නම් උඹ හරි වාසනාවන්තයි.හැබැයි ඒ කෙනාට උඹව මතක් වෙන්නේ ප්‍රශ්නේකදි කරදරේකදි විතරක් නම් උඹට ඌ ගැන දැනෙන දේවල් වලින් දශමයක්වත් උඹ ගැන ඌට දැනෙන්නේ නැත්නම් උඹ හරි පව් බං…..අපි ආදරේදි හරි බොළඳයි. “එයා මට ආදරේ නොකළට කමක්නෑ මං එයාට ආදරේයිනේ” “අපි දෙන්නටම මගේ ආදරේ ඇති” වගේ බොළඳ කතා අපි කියන්නේම ඒ හින්දා.අපිට ආදරේ නොකරන හිතක් පස්සේ මැරීගෙන යන්නේ ඒ හින්දා.අන්තිමට මිරිඟුවක් පස්සේ වතුර හොයාගෙන දුවලා හති වැටුනම ” ආදරේ මහ බොරුවක්” “ආදරෙන් මට ලැබුණේ දුකම විතරයි” කියන්න අපි පෙළඹෙනවා. කාගෙද වැරැද්ද?අපි පස්සෙන් ගියපු හිතේ අයිතිකාරයගෙද? නැත්නම් ආදරේට වහල් වෙච්ච අපේද?
වැරැද්ද අපේ බං.මහමෙරක් ආදරේ කරන මිනිස්සු අපේ වටේ ඉද්දී ආදරේ නොකරන මනුස්සයෙක්ගෙන් ආදරේ ඉල්ලලා පස්සෙන් යන්න තරම් මුළා වෙච්ච අපියි වැරදි.
උඹටත් ඇති එහෙම කතාවක්.උඹ ආදරේ කරන උඹට ආදරේ නොකරන හිතක්.උඹට ආදරේ කරන උඹ ආදරේ නොකරන හිතක්. ආදරේ ඉල්ලලා පස්සෙන් ගිහින් හති වැටෙනවද, ලැබෙන අාදරේ සතුටින් භාරගෙන ජීවිතේ විඳිනවද කියලා තීරණය කරන්නේ උඹමයි.උඹ ගන්න තීරණය අනුව “අනේ මටත් එහෙම ආදරයක් තිබුණා නම්” කියලා හූල්ලනවද නැත්නම් “මටත් ඒ වගේ ආදරයක් තියෙනවා” කියලා සතුටු වෙනවද කියන කතාව වෙනස් වේවි…..
#දිනූ#