“ඉර පායන්නෙ ඇයි කියල හිතෙනව මට. එහෙම හිතෙන මට ජීවත් වෙන්නෙ ඇයි කියන ප්රශ්නෙ නොහිතෙනව කියල කියන්න තරම් චපල කෙල්ලෙක් නෙවෙයි මම.”
ඒ ගොඩාක් ඉස්සර. මහා සාගර පත්ලට කිමිදිලා මඩ අරන් එන්න මං හැමදාම ඔයාගෙම වෙලා ලඟ ඉන්නම් කිවුවොත් ඉමක් කොනක් හොයා ගන්න බැරි මුහුද පත්ලෙ කිමිදෙන්න පුලුවන් තරම් මහ හයියක් ඒ ආදරේ වෙනුවෙන් හිත ඇතුළෙ ගොඩගැහිල තිබුනා. අද ඒ පිරිල ඉතිරිලා ගියපු ආදරේ හිස් වෙලා. ඒ හිත හිස් වෙලා. එහෙම වුනේ ආදරේ කරපු හින්දම ද ? නෑ …
එහෙම වුනේ බොරුව තමන්ගෙ ස්වාධීනත්වය නිදහස යුක්තිය රැක ගැනීම කියල විශ්වාස කරගෙන ජීවත් වුන මිනිහෙක්ට ආදරේ කරපු නිසා. අදත් ආදරෙයි. ඒත් දෙන්න පාරවල් දෙකක. මොකද අසීමිත ආශාවන් සංසිදව ගන්න මහන්සි වෙන මනුස්සයෙක් එක්ක සතුට හොයගෙන යන්න අමාරු නිසා.
හාල් ඇටයක, පරිප්පු ඇටයක ඉපදෙන නන්නාදුනන ඕපපාතික ගුල්ලෙක් වගේ එතනම ඉදලා එතනම මැරිලා යනවට වඩා මේ ලෝකේ යථාස්වභාවය අවබෝධයෙන් පැහැදිලි කරගෙන ජීවත් වෙන්න මහන්සි වෙන ගෞරවනීය, නිරහන්කාර මනුස්සයෙක් වෙන එක මේ මහා විශ්වයටත් ගෞරවයක් දායාදයක්.
භාගි 💚🍁