ජාල නොනැගුණ
හිස්ම හිස් අවකාශයක
සුසුම් හෙළමි දස දහස් වාරයක්
අතීතාවර්ජනය
සීරුවට මාරුවක්
ගිම් නොවන
විත පිරෙන
යදම් මැද
නොනවතින කාලයට එහා ගිය
සංවාදයක්
මිලි තප්පරේ එක්ක නොසන්සුන්
ඔප දැමූ ගීතයක්
සරි නොවන විඩාවෙන්
බරිත මංතීරුවක්
නුඹ ද ඒ ඇය ද
නොපිළිතුරු මැද
උපමානයක්
භාගි 💚🍁