කොතැන කොහොම දැනුණිද ඔබ මගෙ හිතට
හිත හරි අසරණයි නෑ හේතුවක් මට
නොදන්නා නිසාමද වැරදුනේ මට
පසු තැවි තැවී සති ගෙවුණා නිහඬවම
වචන ගළපගන්නට බෑ ගැළපුමට
වරද දන්නවා මගෙ හිත හරියටම
දෙපා නැමද කළ පවු සෝදා ගන්න
සමාවෙන්න මඟ ඇරුනා නොදැනීම
දහදුක් විදින්නට ඇති මං හින්දාම
ලේ කිරි නොවුණ මුත් මගෙ අම්මාගෙ සේම
යා යුතු මග නොයා වරදින් රජයන්න
ඉඩ නෑ තිබුණෙ කලු සායම් දවටන්න
සාගර ගැබ පතුල මා දැක නෑ තාම
එනමුත් නුඹේ සෙනෙහස අවැසී අපට
අම්මා පතන ප්‍රේමය එලෙසින් දෙන්න
මතු භවයකදිවත් සතුටින් වැජඹෙන්න
සීමා නොවූ ලෙන්ගතු බව පතනව ද
නුඹ නිහඬයි අනේ හද මැද දැවෙනව ද
සිරගත නොවූවත් නුඹ වැරදිද තාම
කොතනැද වැරදුනේ හරි තැන දන්නව ද
මහ රෑ මැද්දෙ දෙඩවිලි වල ඝෝෂාව
කඩොතොළු තැනූ හැටි පෙනුනේ නෑ නේද
දහසක් පැතුම් පොදි ගහගෙන ආ ගමන
කොහොමද නැවතුනේ පුදුමයි මගෙ හිතට
භාගි 💚🍁