හැමදාමත් මං ළඟ තනි නොතනියට හිටපු ඒ පුංචි කණාමැදිරියෝ දැන් කොහේ ඉන්නවද දන්නේ නෑ…අදටත් මං එනකම් මිදුලේ සිමෙන්ති පඩිය ළඟ බලාගෙන ඉන්නවද දන්නේ නෑ… වෙනදාට මං ළඟ දැවටෙන ඒ හීතල හුළඟ තාමත් හමනවද දන්නෑ… ඉස්සර පුරුද්දකට වගේ හැමදාම රෑට ඉබේම දෙපා ඇඳෙන ඒ සිමෙන්ති පඩිය දැන් හිස්.හරියට මගේ හිත වගේ…මගේ හිතත් එක්ක තනිවෙලා කල්පනා කරන්න දෙයක් දැන් නැතිකොට ඔතනට මොකද යනවද….? එහෙමයි හිතුවේ මං. ඒත් අහම්බෙන් අද එතනට දෙපා ගෑටුනාම ඉස්සර මෙතනට ආවෙත් හේතුවක් තිබිලා නෙමෙයි නේද කියලා කල්පනා උනා…මමයි කණාමැදිරියෝයි හීතල හුළඟයි රැහැයියන්ගේ තොරතෝංචියක් නැති කෑ ගැහිල්ලයි අරුනම කිසිම සද්දයක් නැති නිහඬ පරිසරය මවන්නේ වෙනමම ලෝකයක්…තමන්ට තමන් එක්ක තනිවෙන්න හොඳම වෙලාව රාත්රිය…
“රාත්රීය මනරම් කියා
සඳට තරුවට කවි ලියා
මාත් මගේ හිත හදා ගන්නම්
නුඹත් මා ළඟ නැති නිසා”
#දිනූ#