හැමදාම මතක් වෙන ඔය හිනාව මාව හිරිවට්ටනවා පාර්තා…
හුස්මක් ගානෙ දැනෙන සුවද මුලු හිතම රිද්දනවා පාර්තා…
මැණික කොහෙද ඉන්නෙ මොකද කරන්නෙ කියල අහන්න හිතෙන තරමට හිත කලබල වෙලා. කොහොමද මොකක්ද කියල මං දන්නෙ නෑ පාර්තා.
හවස හරිම සීතලයි. හිරිකඩ අස්සෙ දැනෙන සීතල බෙදා ගන්න කෙනෙක් නැතුව දැනෙන පාලුව කාට කොහොම තේරුම් කරන්න ද කියන්න මං දන්නෙ නෑ. එදා ඔයා යන්න යද්දි නොයා ඉන්න කියල කියා ගන්න බැරි තරමටම මං අසරණ වුනේ කොහොමද කියන්න මං අදටත් දන්නෙ නෑ.
නෑ… මම දන්නවා. ඒත් හිත තවම ඒක තේරුම් ගන්න ලැහැස්ති නෑ. දවස් ගෙවුනා. මාස ගාණක් ගෙවුනා. ඒත් මම තවම අපි එදා නැවතුන අරලිය ගහ යට බංකුව උඩ. එදා අපි දෙන්නම ඇස් මානෙ දැවටිච්ච හීන් බෝවිටිය පදුර ලඟ අද වෙන දෙන්නෙක් රහසින් කොඳුරනවා.
ඇත්තටම ආදරේ කියන්නෙ මොකක්ද පාර්තා…
කාලෙකට කලින් හිනා වෙන්න හේතුවක් හදාගන්න මම උත්සාහ කරා නම් වටිනාකම් මැද ආදරේ ලියන්න මම උත්සාහ ගත්ත නම් එකම ආසාවක් පස්සෙ නොයා අපේ ආසාවල් මොනවද කියල මං එක විනාඩියක් හිතුව නම් අදත් අපි දෙන්නටම එකම පාරක එකට යන්න තිබුනා. අද එදා දහස් ගාණක තප්පර මැද මම අතරමං වෙලා වගේ. හිතට නිවෙන්න තැනක් මට දැනෙන්නෙ නෑ. ඔවූ මට හොයා ගන්න බෑ.
මට හරිම පාලුයි පාර්තා…
භාගි💚🍁