මනස්ලංකෘත ප්රේමධාරා
සියුම් ස්පර්ශයේ රන්දා
කිතිකැවෙන රස සුසුම්ධාරා
මුවග මත් රසයකින් සිම්බා
පපුතුරේ තෙත හැඟුම් අස්සේ
යහන මත අපි අපේ අස්සේ
දැවෙන හැඟුමක රසය අස්සේ
නැළවුණා අපි රගිණි වැස්සේ
කේඨ සංයෝගයක් බැඳුනා
නුඹේ රස මං හෙමින් වින්දා
දෙනෙත් නුඹ විදි රසය කිවුවා
තුඩැඟි හරඹය රහස මැවුවා
පෙති පුරා පෙති සෙමෙන් දිවුනා
කෙඳිරියේ කිමිදෙමින් වින්දා
නග්න තුඬු මත මතක මැවුවා
යාගයක මුල් කවිය ලිවුවා
උණුහුමේ රඟමඩල අස්සේ
නැඟුණ රොන් රස උරා බිවුවේ
හිඬැස් නැතිවම අපේ අස්සේ
කිමිදුනා නුඹ මගේ හුස්මේ
භාගි💚🍁