මට හිතෙන විදිහට
මගේ එකම දුර්වලකම ඔයා …
හිතාගන්න බැරි තරම් ඔයා ගැන
මගේ හිතේ තියෙන ආදරේ
දරාගන්න බැරි තරම් මාව රිද්දනවා …
අල්ලලා තියාගන්න බැරි හීන තමයි ලස්සනම කිව්වට
හීනෙකින්වත් මං කොහොමද ඔයාව කාටවත් දෙන්නේ …
දින මාස අවුරුදු ගෙවිලා අපි අපිව නොදැකම ජීවිතේ ගෙවිලා යනකොට
මං හැමදාම වෛර කරනවා මේ දුරස්කමට …
හාදු වෙනුවට කඳුළු කැට දිලිසෙනවා
ඉස්සර වගේ කතාබහ නොකළට
හිනාවන් ඇහෙනවා තාම පුරුද්දට …
මට ඕනි ඔයාට දැනෙන්න දෙන්න
ඒ මං නුඹට ආදරේ කරන වග …
අපි දෙතැනක ඉදන් මුමුණපු ආදරේ
තාම මං ළඟ හරි පරිස්සම් බව …
මට ඕනි ඔයාට ඔප්පු කරන්න
නුඹ තරම් කිසිවෙක් නොවූ වග
නුඹ දැන් ඉන්නෙත් හුස්ම හිරවෙන
තැනක බව …