උහුලගෙන මං තනියෙන්ම
දුරුතු හීතල හුළඟ…
මැදියම් රැයේ ගුලිවෙන්න
උණුහුමක් කොහිවේද…?
නුඹ නැතිව මේ ගෙවීයන
පාළු මූසලම හෝරාව…
තනිකමේ වෙලෙන්නෙමි මං
අපේ මතක පිටු අතර…
දොරේ යන කඳුළු හංගන්න
හැමදාම වහින මේ වැස්ස…
විහඟුනේ ඔය කිචිබිචිය
නවතින්නේ නැතුවාද…?
නුඹේ ඇස් දැකගන්න
හැමදාම මං දින ගැන්න…
තව බොහොම දුර නේද
ක්ෂිතිජයට හිරු ලං වෙන්න…
මගේ අඩුව පුරවන්න
හිනැහෙන්න තරු හැමරෑම…
පාළුවක් දැනෙන දවසක
සුසුම් හිත ළඟ දැවටෙන්න…
නුඹ එක්ක මවාගත් හීන
එකින් එක ගිලිහිලා ගියදාක…
ආලයත් හිස්තැනක් උනොතින්
කඳුළින්ම මියැදෙන්න අවසරද…?
දිනූ#
28/10/2021