Uncategorized

මතක පිටු අතර

උහුලගෙන මං තනියෙන්ම
දුරුතු හීතල හුළඟ…
මැදියම් රැයේ ගුලිවෙන්න
උණුහුමක් කොහිවේද…?
නුඹ නැතිව මේ ගෙවීයන
පාළු මූසලම හෝරාව…
තනිකමේ වෙලෙන්නෙමි මං
අපේ මතක පිටු අතර…

දොරේ යන කඳුළු හංගන්න
හැමදාම වහින ⁣මේ වැස්ස…
විහඟුනේ ඔය කිචිබිචිය
නවතින්නේ නැතුවාද…?
නුඹේ ඇස් දැකගන්න
හැමදාම මං දින ගැන්න…
තව බොහොම දුර නේද
ක්ෂිතිජයට හිරු ලං වෙන්න…

මගේ අඩුව පුරවන්න
හිනැහෙන්න තරු හැමරෑම…
පාළුවක් දැනෙන දවසක
සුසුම් හිත ළඟ දැවටෙන්න…
නුඹ එක්ක මවාගත් හීන
එකින් එක ගිලිහිලා ගියදාක…
ආලයත් හිස්තැනක් උනොතින්
කඳුළින්ම මියැදෙන්න අවසරද…?

දිනූ#

28/10/2021

Related posts
Uncategorized

නිරස රසය

මුදුවට පිරිමදින තොල් පෙති රතු…
Read more
Uncategorized

ආදරේ

මට කියන්න වචන නෑ. කොච්චර මං බලන් හිටිය…
Read more
Uncategorized

වැරදුන තැන පැහැදිලී

“ඉර පායන්නෙ ඇයි කියල හිතෙනව මට. එහෙම…
Read more
Newsletter
Become a Trendsetter

Sign up for Singlish LK Daily Digest and get the best of Davenport, tailored for you.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *