තේරුම් ගනින් උඔ ඔය තරම් මැරීගෙන කරන මිනිස්සුන්ගේ හිත් වල දශමයක් තරම් හැඟීමක් නැ උඹ ගැන.උඹ උන්ට වටිනාකමක් දීලා පරිස්සම් කළාට උන් උඹව වෙන්දේසියේ දාන්නේ අඩුම ලන්සුවට. අන්තිමට උඹ හැමදේම කරලා උන් අහයි උඹේන් “උඹ මොනාද කළේ” කියලා.හිනා වෙලා මොකුත් නෑ කියපන්.
උන්ට කියලා වැඩක් නෑ බං. උඹ ගැන හැඟීමක් තිබ්බ කෙනෙක් නම් ඒ ප්‍රශ්නේ කවදාවත් උඹෙන් අහන්නේ නෑ.හැබැයි උඹ සතුටු වෙයන්, උඹේ හිත දන්නවා උඹ මොනාද කළේ කියලා උන් වෙනුවෙන්. දවසක උන්ට තේරෙයි, හැබැයි උන් එදට පරක්කුයි…දැන්වත් ඔය හැඟීමක් නැති මිනිස්සු වෙනුවෙන් මැරෙන එක නතර කරපන්.උඹ ගැන හැඟීමක් තියෙන, උඹට වටිනාකමක් දෙන එකෙක් වෙනුවෙන් එක වචනයක් හරි වැය කරපන්.
උන්ට ඒ එක වචනේ උනත් වටිනවා බං.ඒ උඹ ගැන උන්ට වටිනකමක් තියෙන හින්දා. උඹ ගැන හැඟීමක් වටිනාකමක් නැති කෙනෙක් වෙනුවෙන් කරන දාහක් දේවල් වලට වඩා උඹ ගැන හැඟීමක් තියෙන උඹට වටිනාකමක් දෙන කෙනෙක් වෙනුවෙන් කරන එක දේකට හරි උන් උඹට ජීවිතේම දෙයි…
පරිත්‍යාග, කැපකිරීම් කරන්න ඕනි ඒ ගැන වටිනාකමක් තියෙන හිත් වලට. අඩුම ඒ දේවල් විවේචනය නොකරන සංවේදී හිත් වලට.තෙතමනයක් නැති හිත් වලට කරන කැපකිරීම් පරිත්‍යාගයන් ගඟට කපාපු ඉනි වගේ. ඔහේ වතුරේ ගහගෙන යනවා…
ඉන්න තැනම ටිකක් නැවතිලා හිතපන් උඹ හිතන, උඹ ගැන හිතන “හිත්” මොනාද කියලා…..
#දිනූ#