තට්ට තනියම කට්ට කළුවර රැයවල් වල
හිත් කීරී ගැහෙන පාළු නිසංසල දවස් වල
මොන තරම් නම් කවි ලිය ලියා ගුලි කලාද
නුඹ විතරයි හිටියේ ලියන හැම කවියකම
අමාවක දාට විසල් හඳට තනි රැක්කා තරු
අඳුරු අහසක පාළු මැකුවාට තරු පොකුරු
හදවතේ ආවාට කොහොම නම් වහන්නද
කණාමැදිරි එළියකුත් නොදැල්වෙන හිතක
මට මාද අහිමි කළ වළදැමූ අතීත කතාවක
පිටු අතර ඇති හිස්තැනක් තාම නොපිරුණ
හීනෙනුත් තරු ඇවිත් නුඹ ගැනම කිව්වාට
තරහා නෑ සඳ අඳුරු අහසකට නුඹ නාවාට