හීන සිරගත කරන්න පුළුවන්ද..?අල්ලලා,බැඳලා දාලා,හිර කරගෙන ඉගිල්ලෙන්න හදන හීන නතර කරන්න පුළුවන්ද…?හීන දකින එක,හීන පස්සේ යන එක කාමරේකට දාලා වහලා නතර කරන්න පුළුවන්ද…?හීන ඉපදෙන්නේ තටුත් එක්ක.හීන කියන්නේම ඉගිල්ලෙන දේකට.එක තැනක ඉන්න බැරිව සීමා මායිම් බිඳ දාලා අනන්තෙට පියඹන දේකට.සමහර හීන තියෙනවා හරිම හිතුවක්කාරයි…හීන දකින එක නතර කළාට හීන පේන එක නතර වෙන්නේ නෑ.හීන පේන්නේ මහ රෑට විතරද?ඇස් පියාගත්තම විතරද? නෑ…හීන මහ දවලුත් පේනවා ඇස් ඇරගෙනත් පේනවා.මං දැනුත් දකිනවා එහෙම හීනයක්.තටු සිඳ සිරගත කළ හීනයක්.ඒත්…තාමත් පණ ගැහෙන හීනයක්. පණ ගැහි ගැහි යතුරු සිදුරෙන් එළියට එන්න දඟලන හීනයක්.කවදාකහරි අළු ගසා දාලා නැගිටලා අනන්තෙට පියාඹන හීනයක්.ඔව් ඒක සැබෑවෙන හීනයක්…