ජීවිතේ සමහර අය අපිව දාල යනවා. ඒ ඇයි කියල සමහර වෙලාවට හිතා ගන්න බෑ. හේතු නෑ. හේතු හොයන්න උත්සාහ කරන්නෙ නැති වෙලාවලුත් තියෙනවා. අපිට කෙනෙක්ව එපා වෙනව නම් ඒතන තමන්ගෙ වැරැද්දක් තියෙනව ද හිතන්න. හැමවෙලේම තමන් නිවරදී කියන සිතුවිල්ලෙම ඉන්නෙ නැතුව මම වැරදිද මගෙන් වැරැද්දක් අඩු පාඩුවක් වෙනවද හිතන්න. අපි ආදරේ කරන මිනිස්සුන්ගෙන් අපි ආදරේ, කරුණාව, සෙනෙහස, රැකවරණය බලාපොරොත්තු වෙනව වගේම ඒ අයත් ඒ විදිහටම අපෙන් ඒ දේවල් බලාපොරොත්තු වෙනවා. ඉතිං හැමදේම ඒක පාර්ශවීය විදිහට ගලාගෙන යන්න පුළුවන් ද ? ඔයාගෙන්ම අහන්න. එහෙම කරන්න බෑ. සතුටෙදි වගේම දුකේදිත් ලඟින් ඉන්න පුළුවන් මිනිස්සු එක්ක මිනිස්සු රැදෙනව වගේම, තමන්ගෙ දේවල් වලට විතරක් රැදෙන මිනිස්සු එක්ක කිසිම කෙනෙක් ඉන්නෙ නෑ.
අපි ආදරේ කරනකොට අපි හිතනව මෙයා මං එක්ක හැමදාම ඉදී. අද වගේම මැරෙන මොහොත වෙනකන්ම ආදරේ කරයි කියල අපි බලාපොරොත්තු වෙනවා. ඒ වුනාට ජීවිතේ හැම මොහොතක්ම සමානව බෙදිල යන්නෙ නැත්තං ඒ ඒ අය එයාලගෙ කැමැත්ත වෙන කෙනෙක්ගෙන් හොයාගන්න උත්සාහ කරනවා. ඒක තමයි මේ ලෝකෙ ස්වභාවය.
එයා වනචරයි අවංක නෑ කියල කියනවට වඩා අපි අපේ අය එක්ක ජීවිතේ හැම මොහොතක්ම ආදරෙන් ගෙවන්න උත්සාහ කරනව නම් ආදරණීයන් හැමදාම අපි එක්කම රැදෙයි.
සමහර තැන් තියෙනව කොච්චර කැප කිරීම් කලත් කොච්චර ආදරේ කලත් නොරැදෙන බැඳීම්. ඒව එක්ක ගැටෙන්න යන්නැතුව අවබෝධයෙන් ජීවත් වෙන්න.
භාගි 💚🍁