නිල්වන් සේලයක් ඇඟලා සරසාන
විස්මිත මැජික් පෙළහර මත නවතාන
නොවෙනස් ලෙසින් එක සේ නුඹ සලකාන
හැම දන සතන් වැජඹේවා සැනසීම
නිල්වන් පාට අතුපතරින් හැඩවෙන්න
වෛවර්ණයෙන් නෙත් හිත් සනසාලන්න
කර්මාරූප ඵල නිසි ලෙස ලියවන්න
නුඹ රැජිණියක් ලකබර ලොව බබළාන
දෙපතුළ දැවෙනවා නුඹ දැවෙනා හින්දා
වැහැරී මියෙනවා කල් නොරැකෙන හින්දා
යහපත රකිනවා නුඹ යහපත් හින්දා
නිසි තැන ලැබෙනවා රට නුඹගේ හින්දා
පැළයක් දළුලලා සරු ඵල දරනකොට
සිත් පිබිදිලා නෙත් සැරසුම් ලබනකොට
දරදඬු නොවී හැමවිට සෙත් පතනකොට
නුඹ මාතා ගුණෙන් බැබළෙයි උතුම් කොට
හුස්මක් පවා නොඅඩුව දී රැකගත්ත
සුළඟින් පවා සිසිලස දී සිපගත්ත
හිස් තැන් නොඇද හැම සතුටින් මත් කරන්න
නුඹ මට මවක් ලකබර මාතා මහිම
භාගි 💚🍁