වසර ගණනක් ගත වෙලා ගිය
විඩෙන් විඩ යලි මතක නංවන
මඟදි හමුවී හැදින හිනහුන
මිතු දමක සිරි අසිරි ඈදුණ
තවම හරි හැටි නොහදුනමි මම
කවුද කොහොමද විමසනා මම
තුන් වසරකට දවස් තිබුනට
වසක් ගෙවුනා බහක් නොකරම
කවට බස් මං තෙපලනා විට
කොහොම ඉන්නේ දරාගෙන නුඹ
රිදෙන තරමින් ගුගුරනා විට
දුක ද අයියේ නොකීවට මට
ප්රේමණීයම හිමි කෙනෙක් මට
ස්නේහ සයුරක් තනා දී ඇත
බිඳෙන විට රිදුමන් ලබා මම
මඟ එළිය ලන්නේ පුරුදු ලෙස
පහන ඔහු මගෙ දිවිය සුභ කල
හිඩැස් ඇති ජීවිතය එළිකල
ඇඳුරුතර රුව නුඹයි හමුවුන
මඟ වැරදි හරි මඟට නංවන
වෙහෙසකර ගමනකට කලියෙන්
හිටි හැටියෙ හමුවුනේ කෙලෙසින්
පුදුමයක් අපෙ නොමල බැම්මෙන්
රැකී ඇත බොහොමයක් සවියෙන්
භාගි 💚🍁