පුරුද්දට වගේ අම්මා කුස්සිය අස් කරනකම් එළියේ සිමෙන්ති පඩිය උඩ ඉඳගෙන අතරින් පතර තරුවක් දෙකක් පායලා තියෙන අහස දිහා බලාගෙන ඉන්න එකට මං දැන් ඇබ්බැහි වෙලා… හැමදාමත් මගේ තනියට ඉන්න හීතල හුළඟයි පුංචි කණාමැදියොයි ඇරුනම දැන් තවත් කෙනෙක් මේ හිතේ හොල්මන් කරන්න පටන් අරගෙන…
එකම අහස යට,මට කිලෝමීටර් ගාණක් දුරින් ඉන්න එයා මේ වෙලාවේ මොනවා කරනවා ඇතිද?මං වගේම අහස දිහා බලාගෙන එයත් මං ගැන හිතනවා ඇතිද?වගේ අතොරක් නැති සිතිවිලි ගොන්න මාව මෙතනට එන්න තවත් පොළඹවනවා…
සමහරවිට මං හිතන,මට හිතෙන දේවල් වලින් දශමයක් වත් ඒ හිතට දැනෙන්නේ නැතිව ඇති.එහෙමත් නැත්නම් දැනිලත් දැනෙන්නේ නෑ වගේ ඉන්නවා ඇති.ඒ කොහොම උනත් මං දන්න එකම දේ මේ හීනේ තනි හිතකට විතරක් අයිති හීනයක් කියලා…
#දිනූ#