සරසවි බිමට ඇවිදින් මම නුපුරුදුව
තරමක් තරම් හදුනන අදහස් එක්ක
හසරැල් මදක් පාමින් හදුනා ගත්ත
මිතුරෙක් නුඹත් මට හමුවුන නැවතුමක
තනියක් නැතුව ඉන්නට ආසාවෙන් මං
සිතුවිලි මිමිණුවා මතකද පුරුදු ලෙසින්
සම බව මදක් දැනුනා මට වචනයකින්
නුඹ ගෙත්තම් කලා මතකය සොඳුරු ලෙසින්
හැරිලා බලන්නට අවසර නැතුවාට
නිදහස් මානයේ හිද තතු විමසන්න
ඇස් හොය හොයා යන්නට මට බැරුවාට
ආසයි නුඹේ විමසුම මං විඳගන්න
මං එක හීනයක් ලියලා ඔහු එක්ක
නොයිදුල් කතක් ලෙස මට ජීවත් වෙන්න
හිතකින් හිතක් බිදුනොත් බෑ නුඹ එක්ක
එදා සිනා පෑ ලෙස යලි හිනාහෙන්න
දැක නෑ නුඹ තරම් ලෙන්ගතු මිතුරෙක්ව
රහසක් නැතුව දොඩමළු වී හිනැහෙන්න
සෙනෙහස ඇතත් ඔය හිත ලඟ දැවටෙන්න
මට දැන් නෑ විඩාවක් නැවතී ඉන්න
පෙම්බර කතාවක් ඇත මට උරුමෙන්ම
යන්නට දෙන්න බෑ ඔහු මගෙ හැමදාම
ලෝල වුනත් මං ඔහුටම නිරතුරුම
නුඹ සිත් ගත් රුවක් හිත තුළ හැමදාම
සමුගෙන යද්දි සිප ගෙන යනු බැරුවාට
මතකය අවුස්සනවා මතකය තාම
පෙම් බස් රසගුලාවක සිර නොවුනාට
නිදහස් මිතු දමක් බැදිලා සුන්දරව
භාගි 💚🍁