පෙම්බර බස් පුරා මං නුඹ සොයන විට
බැඳුනා හිත් පුරා සෙනෙහස ලබන විට
දෑතින් යා වුණා පමණ ද සිතුන විට
පෙර දින සිහි කලා කඳුළැලි උණන විට
විසි වසකුත් වුණා ගැරහුම් ලදිමින් මා
යන්න තව තැනක් නෑ නුඹ මගෙ හින්දා
දරු සෙනෙහස නිසා රැදුනද කරපින්නා
තුරුළට වෙන්න බැරි තැන මං ඉකිබින්දා
අපමණ වේදනාවන් තනියෙම වින්දා
නුඹෙ උණුසුමේ දැවටෙන්නට ප්රිය හින්දා
අදටත් යන්න බෑ මතකය මදි හින්දා
එනමුත් අදත් හොයනව හිමි නුඹ හින්දා
දහසක් පැතුම් පොදි බැද බැන්දා නුඹව
කොතෙකුත් තරම් විදවිලි මගහැරදාම
පිවිතුරු සෙනෙහසම පමණක් මා පැතුව
මට හිමි වුණේ අපහාසම ඇයි සොඳුර
එක සයනයේ නුඹ තුරුළේ ගුලි වෙන්න
ලද දුක් කඳුළු සවිමත් ලෙස විඳගන්න
දරු පැටවුන්ව රජකර ලොව සරසන්න
මට බර වැඩී ඒ බර තනියෙන් ගන්න
වරදක් කලේ නෑ එක බැල්මෙක පාසා
නුඹෙ නම කිලිටි වූයේ නෑ මං හින්දා
නුඹ සැරසුවා මට හැකි පමණින් සැමදා
අදටත් මම නුඹෙ පතිනිය කේමන්තා
භාගි 💚🍁