මුදුවට පිරිමදින තොල් පෙති රතු පාට
සායම් තැවරුවා තව තව ඔප වෙන්න
නාබිය මැද්දෙ තෝඩුව පලදනා විට
තදකල පපුව සැලුනා නුඹගේ අතට
විලවුන් තවරලා ගෙල වට පිරියමට
දෑගිලි හැඩ කලා නුඹ සනසාලන්න
වත්තම් වුණා නුඹෙ ලමැදේ ගුලිවෙන්න
මට මතක වුණා මම පුරගනක් වග
නිදිබර දෑස නිදි වර්ජිත කාලයක
නුඹ සැනසුවා අතමිට මගෙ සරි වෙන්න
ඉවසනු බැරිව මොර දෙන්නට බෑ තාම
මන සැරසුම් ලබා නෑ නුඹේ මේවනම
කිටි කිටියේ දැවෙන නුඹෙ හද විලාපය
නොඇසෙන කෙදියකි මගෙ ගත නතරවෙන
ලියවෙන නිය රටා මැද රතු ලේ නහර
හිරිගැන්නුවා සලු මිරිකෙන ගොරහැඩිය
භාගි 


