මට කියන්න වචන නෑ. කොච්චර මං බලන් හිටිය ද කියන්න මං දන්නෙ නෑ. අසීමිත ආදරයක් මං කවදාවත් බලාපොරොත්තු වුනේ නෑ. හැබැයි මට ලැබෙනවා. ඒ ඔයා නිසා. ඔයා දුන්නෙ. ඔයාගෙ ආදරේ හැම තප්පරේකම මාව ජීවත් කරවනවා. ජීවත් වෙන්න හුස්ම කොච්චර ඕනෙද ඔයාගෙ ාඅදරෙත් ඒ විදිහටම මට ලැබෙයි කියල මං අද වෙනකන් විශ්වාස කලේ නෑ කියල ඔයා දන්නවද? මං හිතුවෙ මට කවුරුත් නෑ මං තනියම ජීවත් වෙන රොබෝ කෙනෙක් වගේ කෙනෙක් කියලා. ඒත් අද මගෙ මුලු ආත්මෙම සතුටු වෙනවා. නැළවෙනවා. ඔයාගෙ හිතේ තියෙන හැම හැඟීමක්ම ආදරෙන් ඉඹින්න හිතෙනවා. තදට තුරුල් කර ගන්න හිතෙනවා. මට කොහොමද මෙහෙම ආදරේ කරන්නෙ කියලා ඔය ඇස් වලින් අහන්න හිතෙනවා.
කවදාවත් ජීවිතේ මෙච්චර ලස්සන දවසක් ඇවිත් නැතුව ඇති. මට මේ මහා විශ්වය මං ඉල්ලුව හැමදේම ඒ විදිහටම දුන්නා. මං බලාපොරොත්තු වුණේ ඔයාගෙ ආදරේ විතරමයි. වෙනස් වෙන්නෙ නැති මහා පවුරක් වගේ මගේ හිත පරිස්සම් කරන ආදරයක් මං ඔයාගෙන් බලාපොරොත්තු වුණා. අද ඒ ආදරේ ඊටත් වැඩිය.
ඇස් අහනව මගෙන් ඇයි මෙච්චර කඳුළු කියලා. හැබැයි ඇස් දන්නව ඒ දුකට නෙවෙයි අසීමිත සතුටට කියලා.
ඒත් මං අසරණ ද හිතෙනවා. ඔයාගෙ ජීවිතේ එක තැනක පඩියක් කැඩෙන්න යනකොට ඒ පඩිය හයියෙන් අල්ලන් ඉන්නවත්, ආයෙ ඊටත් වැඩිය හොදට හදාගන්නවත් උදවු කරන්න බැරි වුනා නේද කියල මට අන්ත වාරයක් දැනෙන නිසා වෙන්න ඇති. මං ඔය හිත ලඟ ඉන්නම්. ඔයාගෙම වෙලා. පරිස්සමට තියා ගන්නම් ඔය ඇස් ආයෙ හිනා වෙන්න ගන්නකන් මං බලන් ඉන්නවා.
කාත් කවුරුවත් නැතුව කාගෙවත් ලස්සන වචන වචනයක් නැතුව කලුවර වෙලා තිබ්බ මගෙ මගෙ මුලු ජීවිතේම එළිය කළා ඔයා. ඇත්තටම මේ මහා විශ්වය දන්නව ඇති මං විශ්වයට කොච්චර ස්තූතිවන්ත වෙනවද කියලා.
භාගි 💚🍁